FAST NEWS

24×7 Around the Globe

ගෑස් බෙදා හැරීම ලබන අඟහරුවාදා දක්වා නවතයි – ලිට්‍රෝ සමාගම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම ලබන සතියේ මැද භාගයේදී ආරම්භ කරන බවලිට්‍රෝ සමාගම පවසයි.

මේ හේතුවෙන් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙට්‍රික් ටොන් 3500 බැගින් වූ නැව් දෙකක් සඳහා දැනටමත් ගෙවීම් කර ඇත. ඉන් එක් නෞකාවක් ලබන සඳුදා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව ලබන අඟහරුවාදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම සිදුවනු ඇති බවට ලිට්‍රෝ සමාගම විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත්, ගෑස් ලබා ගැනීමට ජනතාව තවමත් පෝලිමේ රැඳී සිටිති. ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අඛණ්ඩව 4 වන දිනටත් අද වෙළඳපොළට නිකුත් කෙරුණේ නැහැ.