(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ඩී ආර් එස් දුමින්ද මහතා දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.
අපරාධ හා රථවාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කළා. එමෙන්ම නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් කේ ඩබ්ලිව් කේ සිල්වා මහතා පත්කර ඇත්තේ අපරාධ හා රථවාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුවීම් සිදුකරන තිබෙනවා.








