FAST NEWS

24×7 Around the Globe

සියලු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ දැනුම් දී ඇත.

රූපවාහිනී සහ ගුවන් විදුලි යන සංස්ථාවවල සහ ලේක්හවුස් පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කීපයක අධ්‍යක්‍ෂ මණ්ඩවල සාමාජිකයන්ට එසේ දැනුම් දුන් බවත් ඔවුන් ඉවත් වූ වහාම නව සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව මේ වන විට ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වාර්තා වෙයි .