FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවන්න කැබිනට්ටුව ජනපතිට බලය දෙයි – හදිසි නිතිය පනවන්න සුදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී රටේ දැනට මතුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී තිබේ.

එහිදී තීන්දු වී ඇත්තේ හෙට දිනයේ හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කිරීමටය.

එහිදී හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සාකච්ජා වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

මීට අමතරව පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ජා වී ඇත.