(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
රජයේ ලිඛිත නිල උපදෙස් සහ බලධාරීන්ගේ අනුමැතිය මත එම ගෙවීම් සිදුකර ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් එම තැනැත්තාට සහ අදාල සමාගම්වලට ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු පටිපාටිමය හෝ වෙනත් නීති රීති උල්ලංඝනයක් කර නැති බවත් මහ බැංකු හිටපු අධිපති වරයා කීවේය.
මේ ගෙවීම් තනි පුද්ගලයකුගේ අභිමතය අනුව කළ දෙයක් නොවන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද මෙයට ඇතුළත් වන බවත් ඔහු කීවේය.
දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් තමාගේ කීර්තිනාමය හානි කිරීමේ අරමුණෙන් මෙම අසත්‍ය ප්‍රචාර ගෙන යන බව පවසන කබ්රාල් මහතා මේ නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.








