(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවු රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස 14 හැවිරිදි දරුවෙකු ද වන බවය.
ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) සවස කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
එලෙස මිය ගොස් ඇත්තේ කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරින් පසුව ප්රකෝපකාරී වූ අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට පහරදී ගිනි තබා තිබුණි.








