FAST NEWS

24×7 Around the Globe

අද (01) දිනයේ විදුලි කප්පාදුවක් නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

කම්කරු දිනය නිමිත්තෙන් අද (01) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම පෙන්වා දෙන්නේ රාමසාන් උත්සවය පැවැත්වෙන බැවින් අනිද්දා දිනයේද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.

කෙසේවෙතත් හෙට (02) දිනයේ දී දිවයින පුරා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

දිවා කාලයේ පැය 02ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.