FAST NEWS

24×7 Around the Globe

ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එකඟවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ශ්‍රී ලංකාවට සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගෑස් අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉන් ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදීමට කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය පැවැසුවාය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

මේ මුදල් ආධාරය ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ  ගෑස්  අවශ්‍යතා  සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.