FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ අගමැති අතර බෙදීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ජනපති සහ අගමැති අතර බෙදීමක් හටගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා වෙනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල වැනි හිටපු අමාත්‍යවරු කිහිපදෙනෙක් පෙනී සිටින අතර අගමැතිවරයා වෙනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.

සියලු දේශපාලන කොටස් එකතු කර ගනිමින් ඉදිරි ගමන සකස් කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති අතර අගමැතිවරයාගේ පාර්ශ්වය එයට එරෙහිව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.