FAST NEWS

24×7 Around the Globe

ගුරු විදුහල්පතිවරු හෙට වැඩට එන්නේ නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් හෙට දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව අද නිවේදනය කළේය.

ලංකා ගුරු සංගමය පවසන්නේ ගුරු වෘත්තිකයන්ට , සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් එම තිරණය ගත් බවය.

මේ පිළිබඳව අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,

“අද ගුරුවරුන්ට සේවයට වාර්තාකරන්න බැහැ. රුපියල් 500.00 තෙල් ගැහුවා නම් දැන් 2,000 ගහන්න ඕනේ. මේ තරම් බරපතළ අර්බුදයක ගුරවරු ඉන්නේ. ගුරුවරුන්ගේ බස් ගාස්තුව වැඩිවෙලා. ප්‍රවාහන ගස්තු වැඩිවෙලා. එන්න විදිහක් නැහැ. ගුරු-විදුහල්පති සන්ධානයට අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීමක් කළා. අඩුම තරමේ මේ ගුරුවරුන්ට සහනයක් ලෙස ආසන්න පාසලක සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කළා.”

මේ අතර ජාතික විදුහල්පති සංගමයේ, ලේකම් පරාක්‍රම වීරසිංහ මහතා පවසා සිටියේ, “මේකට හේතු වූ දේශපාලනමය තත්ත්වය විසඳන්න කියන එක බලකරන්න තමයි අපි හෙට දිනයේ, මේ විරෝධතාවය දක්වන්නේ” යනුවෙනි