FAST NEWS

24×7 Around the Globe

“ගෝටා ගෝ හෝම්” මැතිසබයටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගෝටා ගෝ හෝම් යනුවෙන් සඳහන් විරෝධතා පාඨයක් සඳහන් කළ පටියක් හිස්වල සහ අත්වල පටියක් පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමෙන් එහි උණුසුම් තත්වයක් අද (19) පෙරවරුවේ ඇතිවිය.

සුදු පැහැති පසුබිමේ කළු අකුරින් එම වාක්‍යය ඛණ්ඩය ලියා තිබිණ.

ඇතැම් අවස්ථාවලදී ඔවුන් ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ ප්‍රකාශ කරනුද දැකගත හැකිවිය.