FAST NEWS

24×7 Around the Globe

ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුර ඔවුන් මෙලෙස විපක්ෂයේ අසුන් ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 10යේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වු මන්ත්‍රීවරුන් 39 දෙනෙක් එම පිරිස අතර වෙති.

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ද එම පිරිස අතර වෙති.