FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත්කර තිබෙනවා.

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම දැනුම්දීම සිදුකෙරුණු බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කලේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

එහෙත් ඔහුට අද සිදුකල කැබිනට් මණ්ඩල පත් කිරීමේදී කිසිදු ඇමති ධුරයක් ලැබී තිබුණේ නැහැ.