FAST NEWS

24×7 Around the Globe

“අපිට අත්සන් කරන්න හිස් ලියවිලි දෙන්න එපා”

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිස් ලේඛනවලට අත්සන් කිරීමට තමන් කැමති නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර කියා සිටියේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කැමැත්තක් දක්වන්නේ නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට අදහස් කරන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් සකස් කිරීමට පෙර විපක්ෂය අනෙකුත් සියලුම කණ්ඩායම් සමඟ සාකච්ඡා කළ යුතු බව ඔහු පැවසීය.

සාමූහික වැඩපිළිවෙලක් සඳහා විපක්ෂය සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති නමුත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තමන් සමඟ සාකච්ඡා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.