FAST NEWS

24×7 Around the Globe

නැදුන්ගමුවේ රාජා ගැන ජනාධිපතිගෙන් තීන්දුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කරවූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් ලබාදී ඇත.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබේ.

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටිගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටී.