FAST NEWS

24×7 Around the Globe

අනුර ජනපති කොමිසමට යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය සිදු කළ විමර්ශන සොයන විශේෂ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියා.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඊට අදාළ ව කරුණු දැක්වීම සඳහා යි ඔහුව එම කොමිසම සභාව හමුවට කැදවා ඇත්තේ.