FAST NEWS

24×7 Around the Globe

වී ගොවීන්ට වන්දි ‌

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ අනුව වී ගොවිතැනේ නියැලෙන ගොවීන් ලක්ෂ 11කට ආසන්න වී ගොවීන් වෙනුවෙන් මෙම වගා හානි ගෙවන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙවර මහ කන්නයේ ‌හෙක්ටයාර ලක්ෂ 8ම වගා කර ඇති බවද ඔහු පැවැසීය.

රසායනික පොහොර භාවිතයේ අඩුවීම හේතුවෙන් වී නිෂ්පාදනයේ අඩුවක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.