FAST NEWS

24×7 Around the Globe

හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ති‌බේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බුලත්සිංහල සිට හොරණ දක්වා නව බස් රථයක් ධාවනයට එක්කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා සියලුම බස් රථ සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.