FAST NEWS

24×7 Around the Globe

අද පැයක විදුලිය කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ පැයක කාලයක් සහ හෙට සිට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන්නේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව අද සාකච්ඡා කර මාධ්‍ය මගින් එය ප්‍රසිද්ධ කරන බව ද විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ප්‍රකාශ කළා.