FAST NEWS

24×7 Around the Globe

“කොවිඩ් රෝගීන්ගේ යම්කිසි වර්ධනයක්”

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් රෝගීන්ගේ යම්කිසි වර්ධනයක් පෙන්නුම් කරන බැවින් වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබද අවධානය යොමු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කෙසේ නමුත් ඉදිරියේදී රට වසා දැමීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බවයි ඇය අවධාරණය කරන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

කොරෝනා මර්ධන එන්නත සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පළ කරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී අදහස් පළ කළා.