FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙටි්‍රක් ටොන් දස දහසම මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ රාත්‍රිය වනවිට ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි.

එසේම, සපුගස්කන්ද විදුලි බලාගාරයද යළිත් දැවි තෙල් අර්බුදයකට මුහුණ දී සිටිනවා.

එහි දැවිතෙල් අද දිනය සඳහා ප්‍රමාණවත්ව පවතින අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ධාරිතාවය මෙගාවොට් 108ක්.

මේ අතර, මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා.