FAST NEWS

24×7 Around the Globe

කිරි ගොවීන්ට වැඩි මුදලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත.

මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බව මිල්කෝ සමාගම පවසයි.