FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

එම සහල් ප්‍රමාණය මාර්තු මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.

රබර් – සහල් ගිවිසුමට වසර 70ක් සැපිරීම හේතුවෙන් චීන රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.