FAST NEWS

24×7 Around the Globe

සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ ගතවූ සති දෙක තුළ ඩෙංගු රෝගීන් 3,900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ත සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, එය පසුගිය වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඉහළ යාමක් වන බවය.