FAST NEWS

24×7 Around the Globe

අද විදුලි කප්පාදුවක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊයේ (12) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින්වර විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ, විදුලි බලාගාරවල නඩත්තු කටයුතු නිසි පරිදි , නිසි කලට සිදු නොවීම මත මෙවැනි විදුලි කප්පාදු කිරීම්වලට යොමු වීමට සිදුවන බවයි.