FAST NEWS

24×7 Around the Globe

ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ආනයන හා අපනයන පාලකවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව එල්.පී. ගෑස් ආනයනය, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර් සහ වෑල් ආදි සියලුම දේවල් සම්බන්ධයෙන් ආනයනය සහ බෙදාහැරීමේ ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට හිමිවේ.