FAST NEWS

24×7 Around the Globe

ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26⁣ දෙනෙකුට තුවාල

(ෆාස්ට් නිව්ස් |  මුතූර්) – ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ පට්ටිතිඩාල් ප්‍රදේශයේදි බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.

මුතූර් රෝහලට ඇතුළත් කළ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

ත්‍රිකුණාමලය සිට අම්පාර බලා ධාවනය වූ බස් රථයක්ල ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන් අතර බස් සහ ටිපර් රථවල රියදුරන්ද වනවා.