FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන් පළමු විත්තිකරු ලෙස නම් කරමින්, පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හා අගතියට පත් පවුල් පැවරූ නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ, සදාකාලික අබාධිත වූ හා අගතියට පත්වූ පවුල්වල සාමාජිකයින් පිරිසක් විසින් මෙම නඩුව පවරනු ලැබ තිබිණ.