FAST NEWS

24×7 Around the Globe

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පිරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.