FAST NEWS

24×7 Around the Globe

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන රජය තීරණයක් ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා IOC සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එම අමාත්‍යාංශයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවාරයා සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක කොටස් හිමිවන ලෙස පිහිටුවන නව සමාගමක් හරහා මෙම තෙල් ටැංකි සංවර්ධනයට පියවර ගන්නා බවය.