FAST NEWS

24×7 Around the Globe

බඩඉරිඟු ආනයනයට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කිරීමට පියවර ගෙන ගෙන තිබෙන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේ ය.

මෙම ආනයනයන්ට අවසර ලබා දීමත් සමගම බිත්තරයක් රුපියල් 2 කින් හා කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ව්‍යාපාරිකයින් එකඟතාව පළ කර ඇති බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේ ය.