FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල 55 වත්ත අසළ ඇළෙහි තෙල් තට්ටුවක ගින්නක්.

කොළොන්නාව, මීතොටමුල්ල 55 වත්ත අසළ ඇළෙහි තෙල් තට්ටුවක හටගත් ගින්න පාලනය කළ බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, විදුලිබල මණ්ඩල ගබඩාවක් ආසන්නයේ මෙම ගින්න හටගත් බව ය.

ඉන් නිවාස 3කට හානි සිදුව තිබේ.

ගින්නෙන් ඒ අසළ ගමන් ගන්නා අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට ද හානි සිදුව ඇති බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙම ඇළට තෙල් මුසු වූයේ කෙසේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.