FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පිළිබඳ ජනාධිපති කොමීසම් විභාගය කල් තබයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බරපතල දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන විභාගය සිකුරාදාට කල් තැබිණි.

ඊට හේතුව වූයේ පැමිණිල්ලේ සාක්කි විත්තියට නොලැබීමයි.

රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමට කියා සිටියේ එම සාක්කි නොමැතිව හරස් ප්‍රශ්න ඇසිය නොහැකි බවයි.

එම සාක්කි ලබාදෙන ලෙස පැමිණිල්ලට නියම කළ කොමිසම සාක්කි විභාගය සිකුරාදාට කල් තැබීය.

රාජපක්ෂ මහතා අද පැමිණ සිටියේ නැති අතර ඔහු කැමැති නම් කොමිසමට පැමිණ සාක්කි ලබාදිය හැකි බවත් කොමිසම ප්‍රකාශ කර ඇත.