FAST NEWS

24×7 Around the Globe

ඔමික්‍රෝන් ආසාධිතයින් හොයන විශේෂ පරීක්ෂණයක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම ඇතුලු කරුණු කිහිපයක් සදහා සිදුකෙරෙන තවත් විශේෂ පරීක්ෂණයක් හෙට දිනයේදී ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.

විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කළේ ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 100කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවයි.

මෙම පරීක්ෂණය සෑම සතියකම අගහරුවාදා දිනය ආශ්‍රිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජිවන්දර මහතා සඳහන් කලා.

කොරෝනා වෛරසයේ යම් වෙනස්වීම් සිදුව ඇද්දැයි පරීක්ෂා කිරීමද මෙහි තවත් අරමුණක් වනවා.