FAST NEWS

24×7 Around the Globe

ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය ස්ථානවලින් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ ද දුම්රියෙන් ගමන් කීරිමට පැමිණි මගීන් ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන බව වාර්තාවේ.

දුම්රිය ස්ථානවලින් ප්‍රවේශ පත්‍ර නිකුත් කීරිම ඊයේ (‍දෙසැ. 23) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අත්හිටුවනු ලැබ ඇත.

සේවා ඉල්ලීම් කිහිපයක් මෙන් ම දුම්රිය සංඥා ආදිය සම්බන්ධයෙන් පවතින දුර්වලතා නිරාකරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇත.

කෙසේ නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සමාන්‍ය පරිදි සිදු වී තිබේ.

මේ අතර, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර අද (දෙසැ. 24) දිනයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.