FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලට නව ලේකම්වරුන් පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට පත් කර තිබෙනවා.

ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

එසේම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක පත් කර ඇතැයි ද ජනාධිපති ප්‍රකාශකවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.