FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලැබෙන තුරු දීප ව්‍යාප්තව දියත් කර ඇති වර්ජනය අඛණ්ඩව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිත වෛද්‍ය හංසමාල් විරසූරිය පැවසුවේ, සිය වෘත්තීමය අර්බුද විසඳෙන තුරු වර්ජනය ක්‍රියාත්මක බවයි.