FAST NEWS

24×7 Around the Globe

න්‍යෂ්ඨික අවි තහනම් ගිවිසුමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – න්‍යෂ්ඨික අවි තහනම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකාවද අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රටවල් 122 ක සහාය ඇතිව 2017 වසරේ ජූලි 07 වනදායි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මෙම ගිවිසුම සම්මත කරගනු ලැබුවේ.

ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

අදාළ ගිවිසුමට සහභාගී වන රාජ්‍යයන්ට න්‍යෂ්ඨික අවි හෝ වෙනත් න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සංවර්ධනය – පරීක්ෂා කිරීම් – ගබඩා කිරීම් වැනි දෑ සඳහා අවසර හිමිවන්නේ නැහැ.