FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල වැඩි කරන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කරන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දෙසැම්බර් 10 දා දිනැති ලිපියෙන් දන්වා ඇති බව අදට වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දි ඇති ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් ගෙන්වීමට ඩොලර් භාවිත කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට පත්වෙනු ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ශ්‍රී ලංකාවේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන ඇතුළු ඉන්ධන ගෙන්විම සඳහා සතියක කාලයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක මුදලක් වැය වයන බවත්, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙය සපයා ගැනීම විශාල අභියෝගයක් බවට පත්වි ඇති බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.