FAST NEWS

24×7 Around the Globe

තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඹෟෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිලදී ගත් ෆයිසර් එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කිලෝ ග්රැම් 4,360 ක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 130 ක අසුරා , මුලින්ම ඇමෙරිකාවේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත ගුවන් මගින් ගෙනැවිත්, එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන විත් තිබුණි .

ඉන්පසුව මෙම එන්නත් තොගය අද දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.

මෙම එන්නත් සෙල්සියස් ඍණ 80 ක (- 80C° ) රදවා තබා ගත යුතු අතර, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.