FAST NEWS

24×7 Around the Globe

ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර – නාවික කටයුතු එපා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වාහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය ඉදිරි පැය 24 තුල අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකියි.

ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60දක්වා වැඩිවිය හැකි අතර තද වැසිද අපේක්ෂා කරන බව කාළගුණ නිවේදනයේ සඳහන්.