FAST NEWS

24×7 Around the Globe

පොඩි ලැසී ගැන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස (15) වැනිදා රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාල කල්ලි නායක “පොඩි ලැසී” නැමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ තම ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දීය.

ඉන්පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණි.ඒ අනුව අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරුණි.