FAST NEWS

24×7 Around the Globe

ජනපති හදිසියේ සිංගප්පූරුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.

එම කාලසීමාව තුළ දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.