FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රියේ සිට තවත් වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද සිට පැය 32 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ට සහ ආයතනයට බලපාන ගැටලුවලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම වර්ජනය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 04 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති පැවසුවේ. කෙසේවෙතත් ” අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේල්කම්වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔවුන් සඳහන් කළා.