FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.