FAST NEWS

24×7 Around the Globe

සරසවි ප්‍රවේශයට යෝග්‍යතා පරීක්ෂණ නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ, ඊයේ (08) පස්වරුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කැඳවූ අවස්ථාවේදී ය.

පශ්චාත් උපාධි හැදැරීම සඳහා 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදී ඇතත් ඔවුන් ඒවා අතහැර යාම හේතුවෙන් විශාල පාඩුවක් වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.