FAST NEWS

24×7 Around the Globe

මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි ලිට්රෝ සමාගමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවාස හා වෙලෙදසැල් සදහා බෙදා හැර ඇති මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ සමාගමට නියෝග කර තිබේ.

දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදා ඇති ගෑස් සිලින්ඩර් මෙලෙස යළි කැඳවෙයි.

එනම් නිල් පැහැති මුද්‍රාව ඇති ගෑස් සිලින්ඩර වේ.

එම නියමය අනුව දැනට නිවෙස්වල සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති භාවිත නොකළ පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත්කළ යුතුය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට නියෝග කර ඇත්තේ දැනට වෙළෙඳපොළට නිකුත්කර ඇති ,පෙර යොදාගත් ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන ලෙසය.