FAST NEWS

24×7 Around the Globe

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට රැගෙන ඒමෙන් පසු ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරුණා.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (07) අළුයම දෙකට පමණ ඒ මහතාගේ ගනේමුල්ල කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබද අවසන් කටයුතු ගනේමුල්ල වැලිපිල්ලෑව සුසාන භූමියේ දී හෙට සිදු කිරීමට නියමිතයි.