FAST NEWS

24×7 Around the Globe

ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පකිස්ථානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ පස්වරුවේ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ කොටස් දිවයිනට රැගෙන ආවේ ය.

ඒ මහතාගේ දේහ‌යේ කොටස් අද (07) අලුයම ගනේමුල්ලේ පිහිටි නිවසට රැගෙන ආවේ මීගමුව මහ රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ය.

පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වූයේ, පසුගිය සිකුරාදායි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානයට ගොස් තිබුණේ, මීට වසර 11 කට පෙරදී ය.