FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට යළි වැඩ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තාවකාලිකව අත්හිටුවා තිබූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දින 22 කට පසු අද නැවත ආරම්භ වනවා.

පිරිපහදුව වසා තැබීමට සිදුවූයේ බළධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් බවටයි පසුගියදා වෘත්තීය සමිති විසින් චෝදනා එල්ල කළේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බවත් එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුණා.